ඇපල් කන්න ආසා කරන අය සඳහා පමණයි.!

මාර්තු 2014 @ කොට්‌මලෙ
[පොදු කෘශිකාර්මික වියුණු] 
මේ ළඟදී දිනෙක මගේ අම්මා අපට කෑම සඳහා ඇපල් ගෙඩි ටිකක් කඩෙන් අරන් ඇවිත් අපට දුන්නාය. මම ඒ ඇපල් ගෙඩිය කනවිටදී දැකගත හැකි වූයේ යන්තම් පැල වී තිබූ ඇපල් ඇට කීපයකි. මට එය පැළ කිරීමට සිතුනා. එය පසට යටකර දමා ආ මට එයින් පසුව සිතුනේ ලංකාවේ ඇපල් හරියනවාද කියාය. මම ඒ ගැන තොරතුරු හෙව්වා. මට සතුටක් ගෙන දෙමින් ලංකාවේ ඇපල් වගා කර සාර්ථක වූ ගොවිමහතෙකුගේ තොරතුරු ලැබුණා. යූ. ජී. සෝමදාස මහතාගේ ඇපල් වගාව ගැන තොරතුරු: ඇපල් ගෙඩියක් කඩෙන් නොගන්නා කෙනෙක් ලංකාවෙම නැති තරම්. අනෙක් හැම පලතුරක්ම ගෙවත්තේ වගා කරන්නත්, වෙළෙඳපොළෙන් ලබාගන්නත් පුළුවන් වුණාට ‘ඇපල්’ වගා කරන්න බැරි බව කවුරුත් හිතාගෙන හිටියා. ඒත් දැන් ඒ සිතිවිල්ල වැරැදි බව තිස්පනේ ගොවි මහතෙක් අපට පෙන්වා දී තිබෙනවා. තිස්පනේ යූ. ජී. සෝමදාස මහතා තිදරු පියෙක්. සෝමදාස ගොවි මහත්තයාගේ මුල් පදිංචිය කොත්මලේ වටද්දර වුණත්, මහවැලියට ඉඩම් පවරා ගත්ත නිසා 1986 කාලේදී නව තිස්පනේ පදිංචියට ගියා. හැමදේම වෙන්නේ හොඳට කියන කතාව සනාථ කරමින් සෝමදාස මහත්තයාට නව තිස්පනේ තේ අක්කර එකයි කාලක් ලැබුණා. සෝමදාස මහත්තයා ඉස්කෝලේ පහේ පන්තියට යනකල් විතරක් ගියත්, වත්තේ පිටියේ ගස් කොලන් ගැන අත්දැකීම් ලබලා හොඳ දැනුමක් තිබුණා. එයින් ප්රගයෝජනයක් ගන්න එක නුවණට හුරුයි කියලා හිතපු සෝමදාස අක්කර කාලක් සහිත ගෙවත්තක් සහ අක්කර භාගයක එළවළු කොටුවක් හැදුවා. යස අගේට ගහකොල ඵලබර වුණා විතරක් නෙවෙයි, රටම කතා බහ කරන තැනට වගා කරලා ජයක් ගන්න සෝමදාස ගොවි මහත්තයාට හැකිවුණා. ඒ මහතාගේ ඇපල් වගාව ගැන ඔහු කී දේ මෙසේයි. අපේ රටේ කොයි තැනකත් තියෙන්නේ රත්තරං වගේ පස්. මේවට අමුතුවෙන් මහ පොහොරක් අවශ්යේ නෑ. මගේ පුරුද්දක් තියෙනවා අතු කෑල්ලක්, මුල් කෑල්ලක්, රිකිල්ලක්, ඇටයක් පසට යට කරලා බලනවා. දවසක් අපේ ගෙදරට කඩෙන් ගෙනාපු ඇපල් ගෙඩියක ඇට කිහිපය මම පස් යට තද කළා. ඒ ඇට අතරින් එකක් පැළවුණා. මම බොහොම ආදරෙන් සාත්තු කරලා ටික ටික ලොකුවුණා. අවුරුදු හතරක් වෙද්දි හොඳ ලොකු ඇපල් ගහක් අපේ මිදුලේ රජ කළා. එක සැරයක් ගෙඩි 7, 8 ක් හැදුනා. මම ඒවායින් ආයෙත් ඇට පැළ කළා. ඔය වගේ තමයි ඇපල් ගස් ටික හදා ගත්තේ. දැන් මගේ ගෙවත්තේ හොඳට ගෙඩි හැදෙන ඇපල් ගස් තුනක් තියෙනවා. තව පොඩි පැළ ගස් තුන හතරක් තියෙනවා. ඇපල් පැළ පැකට් බොහෝ දෙනා ඉල්ලාගෙන යනවා. මේ වැඩේට මට කව්රු හරි කෘෂිකර්ම මහත්තයෙක් උදව් කරනවා නම්, හොඳ වගාවක් කර ගන්න පුළුවන්. ඇපල් අතු රිකිලි පැළවෙන්නේ නෑ. ඇපල් ඇට විතරයි මොටෙයි දාලා රිකිලි දාලා පැළ වෙන්නේ. සමහර ඇට මොටෙයි දාලා දෙකට බෙදෙනවා. එතකොට සීරුවට දෙකට වෙන් කරලා පැළ දෙකක් හදන්න පුළුවනි. මේ ඇපල් හරි රසයි. ඇඹුලක් නෑ. පැණි රස මිශ්රෙ රසක් තියෙන්නේ. අපේ ගෙදරත් ඇපල් ගහක් තිබෙනවා නම් කොපමණ අපූරුද කියා ඔබට සිතෙනවා ඇති. අපටත් පුළුවන්ද ඇපල් වවාගන්න? බණ්ඩාරවෙල ප්රා දේශීය කෘෂිකර්ම පර්යේෂණ සංවර්ධන මධ්ය ස්ථානයේ නියෝජ්යද කෘෂිකර්ම අධ්යබක්ෂ බන්දුල හේමචන්ද්රෘ මහතා ඒ පිළිබඳ දැක් වූ අදහස් මෙසේයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මැදිහත් වීම මත 1960 ගණන්වල සිට ඇපල් ප්රළභේද කිහිපයක් ශ්රීන ලංකාවට ගෙනැවිත් වගා කරන්න අපි උත්සාහ කළා. ශීත පළාත්වල ඇපල් වගා කරන්න පුළුවන්. ඒත් මේවා මහා පරිමාණ වගාවක් ලෙස පවත්වාගෙන යාම අපහසුයි. ඇපල් ගස්වල ගෙඩි වසර පුරාම හත අට වගේ හැදෙනවා. රහංගල කෘෂි පර්යේෂණ ආයතනයේදී පැළ පර්යේෂණ මඟින් විවිධ අත්හදා බැලීම් පවා කළා. ගෙවතු වගාව සඳහා ඇපල් වගා කළ හැකි වූවත් මහා පරිමාණ ව්යාිපාර සඳහා ඇපල් වගාව කිරීම අපහසු බව අපට හැඟුණා. ව්යායපාරයක් ලෙස ඇපල් වගා කිරීමට ඩයිනමයිට් ඕතො ක්රොසෝල් රසායනික ද්රා වණය ගසට ඉසීමෙන් ඇපල් කොල හැලී මල් පිපීම උත්තේජනය කිරීමත්, දෙසැම්බර් ජනවාරි කාලවලදී හොඳ ඵලදාවක් ලබා ගැනීමට හැකි බවත් අපි සොයා ගත්තා. නමුත් ඕතො ක්රොසෝල් ආනයනය නතර කර දැමීම නිසා එම වැඩපිළිවෙළද අසාර්ථක වුණා. ගෙවතු වගාව හරහා ඇපල් වගා කරන්නන් ඒ සඳහා දිරිගැන්වීම ඉතා කාලෝචිතයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අපේක්ෂා කරන සහය ලබාදීමට අප නිරතුරුවම සූදානම්” ඉතින් මේ වගේම ඔබත් උත්සහ ගන්න ,එම උත්සාහය නිසා රටටද සේවයක් වෙනවා නොඅනුමානය..
Facebook Twitter Google

Discuss on Facebook